පාසලේ ඉතිහාසය

Web Devolopment Programme

IMG-20231116-WA0021
IMG202311210852252.jpeg
IMG-20231116-WA0011.jpeg
IMG-20231121-WA0018.jpeg
IMG-20231121-WA0017.jpeg
IMG-20231121-WA0016.jpeg
IMG-20231121-WA0020.jpeg
IMG-20231121-WA0011.jpeg

            මධ්‍යම පලාතේ ඓතිහාසික මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල මැතිවරණ කොට්ඨාසයේ නාඋල අධ්‍යාපන කලාපයේ පිහිටා ඇති ආඳාවල මහා විද්‍යාලයේ ඉතිහාසය වර්ෂ 1936.09.01 දින දක්වා ඈතට දිවේ. ආඳාවල විහාරස්ථානයේ වැඩ වාසය කළ ගුණරතන ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් 1936.09.01 දින සුභ මොහොතින් විහාරස්ථාන ධර්ම ශාලාවේදී සිසුන් අට දෙනෙකුගෙන් ආරම්භ කරන ලද මෙම විද්‍යාලය ගරු ස්වාමීන් වහන්සේගේ හා දෙමාපියන්ගේ උනන්දුව මත 1946.02.01 දින වන විට රජයේ පාසලක් බවට පත් කර ගත හැකි විය. ඒ වන විට විද්‍යාලයේ ශිෂ්‍ය සංඛ්‍යාව 45ක් දක්වාත් වැඩි වී තිබුණි.

 

            පාසල හා විහාරස්ථානයේ ධර්ම ශාලාව ප්‍රමාණවත් නොවූ හෙයින් නිශ්චිත ස්ථානයක පිහිටුවීමෙහි ලා දක්වන ලද උත්සහය මත නව ගොඩනැඟිල්ලක් ඉදි කොට වර්ෂ 1956 දී මෙම ස්ථානයේ පාසල ආරම්භ කරන ලදී.එවකට ශිෂ්‍ය සංඛ්‍යාව 94 දක්වා වර්ධනය වී සිටි අතර,ගුරු සංඛ්‍යාව තිදෙනෙක් දක්වාත් පන්ති සංඛ්‍යාව 08 දක්වාත් වැඩි දියුණු වී තිබුණි.වර්ෂ 1960 වන විට මෙම විද්‍යාලයේ ශිෂ්‍ය සංඛ්‍යාව 150 දක්වා වර්ධනය වී සිටි අතර ගුරු මණ්ඩලය පස් දෙනෙකුගෙන් සමන්විත විය.

 

              වර්ෂ 1970 වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 183 දක්වා ඉහළ ගොස් ඇත. එවකට ගුරු මණ්ඩලයේ සංඛ්‍යාව හය දෙනෙක් දක්වාත් පාසලේ පන්ති සංඛ්‍යාව 11 දක්වාත් වැඩි වී ඇත. වර්ෂ 1975 දි නව ගොඩනැඟිල්ලක් පාසලට ලැබීමෙන් ගොඩනැඟිලි සංඛ්‍යාව දෙකක් දක්වා වැඩි වී ඇත. වර්ෂ 1985 වන විට විද්‍යාලයේ ශිෂ්‍ය සංඛ්‍යාව 257 දක්වා වර්ධනය වී ඇති අතර ගුරු මණ්ඩලය 14 දෙනෙකේ දක්වා ඉහළ ගොස් ඇත.එමෙන්ම පාසලේ පන්ති සංඛ්‍යාව එකොළොස් වන ශ්‍රේණිය දක්වා ද වැඩි වී තිබූ බවත් ව්ද්‍යාමාන වේ.වර්ෂ 1994 වන විට විද්‍යාලයේ ශිෂ්‍ය සංඛ්‍යාව 340 දෙනෙක් දක්වා වර්ධනය වී ඇත. විද්‍යාලයේ ගුරු සංඛ්‍යාව දහනව දෙනෙකේ දක්වා ඉහළ ගොස් තිබුණි.

 

              වර්ෂ 1996 දි නව ගොඩනැඟිල්ලක් විද්‍යාලයට එකතු වූ අතර,ජරාවාසව තිබූ ගොඩනැඟිල්ල ද ප්‍රතිසංස්කරණය වීම නිසා විද්‍යාලයට නව එළියක් ලැබුණි.වර්ෂ 1996.07.16 වෙනි දින නව ගොඩනැඟිල්ල එවකට ගරු අධ්‍යාපන ඇමතිතුමා අතින් විවෘත වූ අතර එය අධ්‍යාපන ඇමතිවරයෙක් මෙම විද්‍යාලයට පැමිණීම ප්‍රථම අවස්ථාව වීම සුවිශෙෂී කරුණක් වේ.

 

             වර්ෂ 1997.01.28 වන දින මෙම විද්‍යාලය මහා විද්‍යාලයක තත්වයට උසස් කිරීම මෙම කාල පරාසය තුල ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් වේ.1997.06.12 වන දින ශුභ මොහොතින් උසස් පෙළ පන්තිය ආරම්භ කිරීම විද්‍යාල ප්‍රගතියේ තවත් වැදගත් සනිටුහනක් ලෙස ඉදිරිපත් කළ හැක.

ආරම්භ කළ වර්ෂය

1936  සැප්තැම්බර් 1

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

03

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

08

මුල් ගුරුතුමාගේ නම

පුබ්බිලියේ ගුණරතන හිමි

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

 මප/නා/ ආඳාවල මහා විද්‍යාලය

පාසල රජයට පවරාගත් දිනය

1946 පෙබරවාරි 1

පාසල පැවැත්වූ ස්ථානය

ආඳාවල විහාරස්ථානය

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1936  සැප්තැම්බර් 1