Web Devolopment Programme

IMG-20231116-WA0021
IMG202311210852252.jpeg
IMG-20231116-WA0011.jpeg
IMG-20231121-WA0018.jpeg
IMG-20231121-WA0017.jpeg
IMG-20231121-WA0016.jpeg
IMG-20231121-WA0020.jpeg
IMG-20231121-WA0011.jpeg

විදුහල්පති පණිවිඩය

ආර්.එම්.ජී.සෙනෙවිරත්න මහතා

මප/නා/ආඳාවල මහා විද්‍යාලය-මඩවල උල්පත දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගන අප පාසල මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල අධ්‍යාපන කලාපයේ ඇති දීප්තිමත් පාසලකි. වසර 87ක ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන මෙම පුන්‍ය භූමිය විසින් විශාල පරපුරක් ජාතියට දායාද කර ඇත. මප/නා/ආඳාවල මහා විද්‍යාලය දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගන අප පාසල මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල අධ්‍යාපන කලාපයේ ඇති දීප්තිමත් පාසලකි.අප සිසුවන් කලාප,පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රැසක් හිමි කර ගෙන ඇත. නාඋල අධ්‍යාපන කලාපයේ දීප්තිමත් අධ්‍යාපන නිකේතනයක් ලෙසත් ජනප්‍රිය පාසලක් ලෙසත් මෙම ද්විතීක පාසල ජන සම්මානයට පාත්‍ර වී ඇත.භෞතික සම්පත් වලින් ව්ශාල අඩුපාඩු සහිත නමුත් එම දුෂ්කරතා මැද ජාතියේ ජීවනාලිය හා දේශයේ පසු උරුමකරුවන්ගේ අනාගතය සඳහා සන්නද්ධ කිරීමේ සත්කාර්ය ශක්ති ප්‍රමානයෙන් කර ගෙන යනු ලැබේ. නාඋල අධ්‍යාපන කලාපයටම සම්පතක් වන මෙම සත්කාරක පාසල තුලින් ජිතියට වැඩදායී පරපුරක් ජනිත කරමින් ඉදිරි වසර කීපය තුල කලාපීය අභිමානය බවට මෙම පාසල පත් කිරීම මාගේ සිහිනයයි.

දැනට පාසලේ පවතින තත්ව විමර්ශනයට ලක් කිරීමේදී දහසක් භෞතික සම්පත් අඩුපාඩුව මධ්‍යයේ ජයග්‍රහණ රැසක් අත් කර ගෙන තිබේ.එහෙත් භෞතික සම්පත් අඩුපාඩුව ශිෂ්‍ය සාධක මට්ටම් අඩු වීමට බෙහෙවින් බලපා ඇත.

  • පරිගණක විද්‍යාගාර
  • අන්තර්ජාල පහසුකම්
  • පරිගණක හා පරිගණක උපාංග
  • බහු මාධ්‍ය උපකරණ
  • දේශන ශාලාවක්
  • අංග සම්පූර්ණ ක්‍රීඩාංගනයක්
  • නර්තන උපකරන/ක්‍රීඩා උපකරණ/සංගීත භාණ්ඩ
  • පාසල් පිරියත දියත් කිරීමේ අඩුපාඩු

ඉහළ ආදායම් ලබන දෙමාපියන් අඩු නිසා ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය අඩු මට්ටමක පවතී.එද නිසා අත් වැලක් ලෙස ආදි ශිෂ්‍ය සංගමය ශක්තිමත් කිරීමට උත්සාහ කරයි.අප පාසලෙන් අකුරක් හෝ උගත් ආදි ශිෂ්‍යයෙකු වෙතොත් ඔහුට දෑත දිගු කරන්නේ අප හා එක්ව පාසල ඉහළින් ඔසවා තැබීමට එක්වන ලෙසයි.

මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස සන්නිවේදනය සඳහා භාවිත කිරීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි.

මෙම කර්තව්‍ය සාර්ථක කර ස ඳහා උරදුන් පාසලේ තොරතුරු සන්නිවේදන තාක්ෂණය විෂය භාර ගුරුතුමිය හා වෙබ් අඩවි සංවර්ධන කණ්ඩායමේ සිසු සිසුවියන්ටත් සයිබර් ලොවට පියාපත් කණ්ඩායමටත් නන් අයුරින් උපකාර කළ සැමටත් මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමි.

ආර්.එම්.ජී.සෙනෙවිරත්න මහතා
විදුහල්පති
මප/නා/ආඳාවල මහා විද්‍යාලය - මඩවල උල්පත .