Web Devolopment Programme

IMG-20231116-WA0021
IMG202311210852252.jpeg
IMG-20231116-WA0011.jpeg
IMG-20231121-WA0018.jpeg
IMG-20231121-WA0017.jpeg
IMG-20231121-WA0016.jpeg
IMG-20231121-WA0020.jpeg
IMG-20231121-WA0011.jpeg
ලෝක ගුරු දින වැඩසටහන

ලෝක ගුරු දින වැඩසටහන

2023 ලෝක ගුරු දිනය අප පාසලේ ඉතා උත්කර්‍ෂවත් අයුරින් 2023-10-09 වන දින විදුහල් ප්‍රධාන ශාලාවේ දී පැවැත්වුණි.

2023 ලෝක ගුරු දිනයේ තේමාව වන්නේ ”The Teachers We Need for the Education We Want: The Global Imperative to Reverse the Teacher Shortage” අපට අවශ්‍ය අධ්‍යාපනය සඳහා අපට ගුරුවරුන් අවශ්‍යයි: ගුරු හිඟය නැති කිරීම ගෝලීය අවශ්‍යතාවය” යන්නයි.මෙම තේමාව මගින් ගුරුවරුන්ගේ හිඟය අවම කර ලොව පුරා ඔවුන්ගේ ශක්තිය වර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවයි UNESCO සංවිධානය වැඩිදුරටත් සඳහන් කරන්නේ.මේ දිනයේදී සිසුන්ගේ අනාගතය ගොඩ නැගීමට කැපවෙන ලොව පුරා සිටින ගුරුවරුන්ට ගෞරවය දැක්වීම සහ ඔවුන්ගේ මෙහෙවර ප්‍රශංසාවට ලක් කරනවා

ලෝක ගුරු දිනය සෑම වසරකම ඔක්තෝබර් 5 වන දා සමරනු ලබනවා.යුනෙස්කෝ (UNESCO) සංවිධානය විසින් 1966 කරන ලද ප්‍රඥප්තියට අනුව ලෝක ගුරු දිනය නිර්මාණය වුණා.එහෙත් නිල වශයෙන් මෙම ගුරු දිනය සැමරීම ආරම්භ කරන ලද්දේ 1994 ඔක්තෝම්බර් 5 වනදායි.ලෝක ගුරු දිනයට සමගාමීව ශ්‍රී ලංකාව ගුරු දිනය සමරනු ලබන්නේ හෙටයි.ගරු කිරීමට සුදුසු තැනැන්තා, ගුරුවරයායි. සිය ගෞරවාන්විත සේවාව නිසා සමාජයේ වන්දනීයත්වයට භාජනය වන එකම තැනැත්තා ද ගුරුවරයායි.ගුරුවරයා වෘත්තිකයෙක් මුත් සෙසු වෘත්තිකයන් නොලබන සමාජ ගෞරවයක් සහ, වන්දනීය බවක් ලබන්නේත් ගුරුවරයා‍ය යන්න සත්‍යයක්.වන්දනීයත්වය ගෞරවනීයත්වයත් හැමදාටම රැක ගන්නට ගුරුවරයාත් සිහි තබා ගත යුතු වෙනවා.

      

Latest News

සයිබර් ලොවට පියාපත් වෙබ් අඩවි එළි දැක්වීමේ උත්සවය 2024

සයිබර් ලොවට පියාපත් වැඩසටහන මගින් පාසල් මට්ටමින් නිර්මාණය කරන ලද වෙබ් අඩවි එළි දැක්වීමේ නාඋල කලාපීය උත්සවය 2024-04-03 වන දින නාලන්ද සුදර්ශී විද්‍යාලයේ දී පැවැත්වේ.එදිනට මප/නා/ ආඳාවල මහා විද්‍යාලය ඇතුළු නාඋල කලාපයේ  පාසල් රැසක වෙබ් අඩවි එළි දැක්වේ. 

නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2024

2024 වර්ෂයේ නිවාසාන්තර   ක්‍රීඩා  උත්සවය 2024-04-09 වන දින රජ්ජම්මන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

 

2024 වර්ෂයේ 1 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ උත්සවය

2024 වර්ෂය සඳහා 1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ උත්සවය 2024-02-24 දින අප විද්‍යාලයේ දී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

 

 

ලෝක ගුරු දින වැඩසටහන

2023 ලෝක ගුරු දිනය අප පාසලේ ඉතා උත්කර්‍ෂවත් අයුරින් 2023-10-09 වන දින විදුහල් ප්‍රධාන ශාලාවේ දී පැවැත්වුණි.

ලෝක ළමා දින වැඩසටහන

2023-10-01 වන දිනට නියමිතව තිබූ ලෝක ළමා දිනය නිමිත්තෙන් 2023-10-02 වන දිනට අප පාසලේ ගුරු මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ලෝක ළමා දින සැමරුම සාර්ථක ලෙස ළමයින්ගේ සිත් සතුටු කරමින් පැවැත්වුණි.